ඇමරිකානු ඩොලරයේ කළුකඩ මිල අද දිනය තුළ රුපියල් 20කින් පහළට !

Date:

ඇමරිකානු ඩොලරයේ කළුකඩ මිල අද (12) දිනය තුළ රුපියල් 20කින් පහළ බැස ඇති බව වාර්තා වේ.

අද උදෑසන වනවිට කළුකඩ වෙළඳපොලේ ඇමරිකානු ඩොලරයක් රුපියල් 401 – 402 වැනි මිලකට අලෙවි වූ අතර අද රාත්‍රිය වනවිට එය රුපියල් 381 – 382 දක්වා පහළ වැටී ඇති බව සඳහන්.

ශ්‍රී ලංකාව දැනට විදේශ ණය ආපසු ගෙවීම් අත්හිටුවා ඇති තත්වයක් තුළ ඩොලර් බිලියන 1 – 2 අතර මුදලක් විදේශ සංචිත වශයෙන් රැස් වුවහොත් ඩොලරයේ රුපියල් අගය දැනට පවතින තත්වයට වඩා සැලකිය යුතු මට්ටකින් පහළ බසිනු ඇත.

ඒ අනුව නව අග්‍රාමාත්‍යවරයාගේ පත්වීමත් සමග මෙරට ඩොලර් සංචිත ඉහළ නැංවීමක් අපේක්ෂා කෙරෙන හෙයින් මෙසේ මුලින්ම කළුකඩ මිල පහළ වැටීමට පටන් ගෙන ඇති බවයි ආරංචිමාර්ග ප්‍රකාශ කළේ.

මෙය රටේ ආර්ථිකය සම්බන්ධයෙන් සුබවාදී තත්වයක පෙරමඟ ලකුණක් වශයෙන් සැලකිය හැකිය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ දේශපාලනය හොලවන්න කාටවත් බෑ, අපිට අභියෝග කරන්නත් කාටවත්ම බෑ – ඇමති සුසිල්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ විපක්ෂයේ...

ඊශ්‍රායල හමුදා තමන්ට වෙඩි තැබූ බව එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයින්ගෙන් චෝදනා!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු ලෙබනනයේදී ඊශ්‍රායල...

අපි මේ ආණ්ඩුවේ බොරු චෝදනා වලට බය නැහැ – නාමල්

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW : මේ ආණ්ඩුව ජනතාවට...