මැනිං මාකට්ටුවේ කඩ දෙන්නම් කියා හිටපු රාජ්‍ය ඇමති කෙනෙක් කෝටි ගාණක් ගරලා !

Date:

පෑලියගොඩ මැනිං වෙළඳ සංකීර්ණයේ කඩ කාමර ලබාදෙන බවට පොරොන්දු වෙමින් ව්‍යාපාරිකයින්ගෙන් රුපියල් මිලියන 650කට අධික මුදලක් එකතු කළ බවට හිටපු රාජ්‍ය අමාත්‍යවරයකුට චෝදනා එල්ල වී ඇති බව වාර්තා වේ.

මෙම හිටපු රාජ්‍ය අමාත්‍යවරයා එක් ව්‍යාපාරිකයකුට කඩ කාමර 10ක් ලබාදෙන බව පවසා ඔහුගෙන් පමණකුත් අතිවිශාල මුදලක් ලබාගෙන ඇති බවත් සඳහන්.

කෙසේවෙතත් එම ව්‍යාපාරිකයින්ට කඩ කාමර ලබාදීමට හිටපු රාජ්‍ය අමාත්‍යවරයා කටයුතු නොකිරීම හේතුවෙන් අවසානයෙහි ඔවුන් වත්මන් විෂය භාර රාජ්‍ය අමාත්‍යවරයාට මේ පිළිබඳව පැමිණිලි කර ඇති බව වාර්තා විය.

ඒ අනුව විෂය භාර රාජ්‍ය අමාත්‍යවරයා මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී විමර්ශනයක් ආරම්භ කරන ලෙස උපදෙස් ලබාදී ඇති බවත් ආරංචිමාර්ග සඳහන් කළේය.

පෑලියගොඩ මැනිං වෙළඳ සංකීර්ණය අයත් වන්නේ නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතට ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ක්‍රිස් අත එල්ලගෙන ආවත් ඉන්දියාව අල්ලන්න එංගලන්තයට බැරි වෙයි

නිශ්මං රණසිංහ අගෝස්තු 05, කොළඹ LNW: එංගලන්තය සහ ඉන්දියාව අතර පැවති...

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් නෙරපීමේ පාර්ලිමේන්තු විවාදය අද

සටහන - රුවන් නෙළුගොල්ල පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එම ධුරයෙන් ඉවත්...

බ්‍රසීලයේ හිටපු ජනාධිපති බොල්සොනාරෝ නිවාස අඩස්සියේ තැබීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරයි

සටහන: සශිකලා මධුෂාණිඅගෝස්තු 05; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රාජ්‍ය කුමන්ත්‍රණයක් සැලසුම්...