ධූමායනය නැවත කරන්න කියලා ජනාධිපතිතුමා පළාත් නිළධාරීන්ට උපදෙස් දුන්නළු – රවි කුමුදේශ්

Date:

වෙන වෙන අයට උපදෙස් දීලා වැඩක් නෑ ගහලා තියන චක්‍රලේඛය වෙනස් කරන්න වහාම උපදෙස් දෙන්න.

පළාත් නිළධාරීන්ට උපදෙස් දෙන ගමන්, එහා පැත්තේ ඉන්න මුදල් අමාත්‍යාංශයටත් කියන්න නතර කරලා තියන වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ නිළධාරීන් ටික වහාම බඳවා ගන්න කියලා. නොගෙවපු ප්‍රතික්‍රීයක බිල් ටික ගෙවලා, රසායනාගාර පරීක්ෂ කිරීමේ පහසුකම ලබා දෙන්න කියලා

“වෛද්‍ය රසායනාගාර සේවාවට කුඩම්මාගේ සැලකිලි කරලා ඩෙංගු මරණ සහ සංකූලතා අඩු කර ගන්න බැරි වේවී”

“ඩෙංගු පාළණය කිරීමට රෝගීන් නිවැරදිව හඳුනා ගන්න ඕනේ. පරීක්ෂණ වලට පහසුකම් නෑ”

“වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ බඳවා ගැනීම් 300ක්, මුදල් අමාත්‍යාංශයයි සෞඛ්‍ය අමාත්‍යාංශය එකතුවෙලා නතර කරලා”

ඩෙංගු පාළණය කිරීමට රෝගීන් නිවැරදිව හඳුනා ගන්න ඕනේ. පරීක්ෂණ වේගවත් කරන්න ඕනේ. පරීක්ෂණ කලට වේලාවට දෙන්න බැරිවීම නිසා අනුමාන රෝගීන් පවා රෝහල් ගත කිරීමට සිදු වෙනවා. ඒකෙන් වියදම දහ ගුණයකින් වැඩි වෙනවා. නැත්නම් අනුමානය මත ප්‍රතිකාර කරන්න වෙනවා, ඒක රෝගීන්ට බරපතල අවධානමක්.

ඩෙංගු ප්‍රතිදේහ ජනක සහ ඩෙංගු ප්‍රතිකාර සඳහා අත්‍යවශ්‍ය සම්පූර්ණ රුධිර පරීක්ෂණ දෙකම විනාඩි 20කින් දෙන්න අපිට පුළුවන්. සෞඛ්‍ය අමාත්‍යාංශය නවත්තලා තියන වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයින්ගේ පත්වීම් ටික දීලා, අවශ්‍ය ප්‍රතික්‍රීයක ටික දුන්නොත්. මේවා කියන්න තැනක් නෑ, අහන්න කෙනෙක් නෑ.

මේ වෙනකොට වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන් 300ක් පමණ ඉන්නවා පත් වීම් ලබා දීම සදහා සුදුසුකම් ලැබූ. ඔවුන්ට පත්විම් දෙන්නේ නෑ. සෞඛ්‍ය අමාත්‍යාංශය කියනවා මුදල් අමාත්‍යාංශය පත්වීම් දෙන එක තහනම් කරලාලු. මුදල් අමාත්‍යාංශය කියනවා අපි එහෙම දෙයක් කරලා නැහැළු.

හැබැයි ඉල්ලීම් කරලා යවපු ලිපි වලට මුදල් අමාත්‍යංශය උත්තර එවන්නේ නෑ. ඒ අයට මොනවත් ලිඛිතව දෙන්න බැහැළු. ජනාධිපතිතුමා රට වටේ කියා ගෙන යනවා සෞඛ්‍ය සේවාවට දෙන මොකුත්ම කප්පාදු කරලා නෑළු. එතකොට මේ මුදල් අමාත්‍යාංශය අපේ රටෙ එකක් නෙවෙයිද?

සාමාන්‍ය තත්වයේ තිබුණු ඩෙංගු, ධූමායනය නතර කරලා අධි වසංගතයක් කර ගත්තා. දැන් රසායනාගාර සේවාව අඩාල කරලා මැරෙන්නේ නැතිව බේරා ගන්න පුළුවන් රෝගීන් මැරෙන තත්වයකට පත් කර ගන්නවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් ඩෙංගු වලට කමිටුවක් පත් කරලා. ඒකේ ඉන්නේ වෛද්‍ය වෘත්තිකයින් විතරමයි. අනිත් අය සේරම අමතක කරලා තමයි අධ්‍යක්ෂක ජනරාල් සෞඛ්‍ය සේවාව කරගෙන යන්න හදන්නේ.

රවී කුමුදේශ්
සභාපති
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (18) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින ආශ්‍රිතව අඩු පීඩන කලාපය තව...

මර්වින්ට එරෙහි නඩු විභාගය ඇරඹේ. තමන් නිවැරදිකරු බව මර්වින් කියයි

සටහන - රුවන් නෙළුගොල්ල 2010 වසරේ මාර්තු මස 31 වනදා...

මීටියාගොඩ වෙඩිතැබීමක්. කාන්තාවක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල මීටියාගොඩ, කිරලගහවෙල හන්දියේ පිහිටි අවන්හලක් අසල...

නැඟි එන්නන් අතර ශ්‍රී ලංකාවේ පළමු ජය වාර්තා වෙයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: නැඟී එන ආසියානු තරගාවලියේ...