රාජාභිෂේකයට ගිය රනිල්ගෙන් ලෝක වාර්තාවක් !

0
26993

1953 ජුනි 02 වනදා පැවති බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබෙත් රැජිනගේ රාජාභිෂේක උත්සවයට රනිල් වික්‍රමසිංහ මහතාගේ දෙමව්පියන් වූ නාලිනී වික්‍රමසිංහ මහත්මිය සහ එස්මන්ඩ් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබිණි.

ඒ, එවකට මෙරට අග්‍රාමාත්‍යවරයා වූ ඩඩ්ලි සේනානායක මහතා සමග පරිවාර අමුත්තන් ලෙස ය.

ඊට වසර 70 කට පසුව දෙවැනි එලිසබෙත් රැජිනගේ අනුප්‍රාප්තිකයා වන තුන්වැනි චාල්ස් රජුගේ රාජාභිෂේක උත්සවයට රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (06) සහභාගී වූයේය.

ඒ, ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා වශයෙනි.

මෙය ලෝක වාර්තාවක් ලෙස සැලකිය හැකිය.

නාලිනී වික්‍රමසිංහ මහත්මිය සහ එස්මන්ඩ් වික්‍රමසිංහ මහතා