නිළධාරීන්ගෙ වැරදි උපදෙස් නිසා තමයි මෙහෙම උනේ, බදු සහන දීමත් වැරදියි – නාමල්

0
1532

වත්මන් රජය බලයට පත් වූ විගස, රජයේ ආදායම ගැන තැකීමක් නොකර විශාල ලෙස බදු සහන ලබා දුන්නේ දේශීය ව්‍යාපාරිකයන්, ව්‍යවසායකයන් දිරිමත් කිරීම සඳහා බව හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා. කෙසේ නමුත් එය ඉතා බරපතල වැරදි තීරණයක් බව දැන් පිළිගන්නා බවයි රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ.

නාමල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කර තිබෙන්නේ BBC ප්‍රවෘත්ති සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට සහභාගිවෙමිනි.

ආර්ථිකය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්නේ දේශපාලනඥයන් නොවන නිළධාරීන් බව පෙන්වා දෙන නාමල් රාජපක්ෂ මහතා පවසන්නේ ඇතැම් නිළධාරීන් වැරදි උපදෙස් ලබාදුන් බවයි. වත්මන් අර්බුදයට එම වැරදි උපදෙස්ද හේතු වූ බව ඔහු ප්‍රකාශ කරනවා.

ඔහු වැඩිදුරටත් පවසන්නේ පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා දේශපාලන ස්ථාවරත්වය ඇතිකළ යුතු බවයි. ඒ සඳහා සියලු දේශපාලන පක්ෂ එකට එක්ව එක් න්‍යාය පත්‍රයක් යටතේ ක්‍රියාකළ යුතු කාලය එළඹ ඇති බවද නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

UN