පොලිසිය ඊයේ රාත්‍රියේ විරෝධතාකරුවකුට තිරිසන් ලෙස පහරදෙන වීඩියෝවක් එළියට …

0
1177

ඊයේ (06) රාත්‍රියේ පාර්ලිමේන්තුව ආසන්නයේ උද්ඝෝෂණයෙහි නිරත වූ පුද්ගලයෙකුට පොලිසිය විසින් ඉතාමත්ම අමානුෂික ලෙස බිම පෙරළාගෙන වටකරගෙන පා පහරදෙන ආකාරය දැක්වෙන වීඩීයෝවක් සමාජ මාධ්‍ය ජාල තුළ සංසරණය වෙමින් තිබේ.

ඊයේ රාත්‍රියේ පාර්ලිමේන්තුව අවට පැවති විරෝධතාවන්ට පොලිසිය ඉතාමත්ම දරුණු ලෙස කඳුළු ගෑස් ප්‍රහාර සහ පහරදීම් සිදුකර තිබුණු අතර ප්‍රදේශවාසීන්ටත් ඔවුන්ගේ කුඩා දරුවන්ටත් එම ප්‍රහාරවලින් බලපෑම් සිදුව තිබිණි.

පොලිසිය ඊයේ දිනයේදී අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ සිසුන්ට එල්ල කළ කඳුළු ගෑස් ප්‍රහාරයත්, එම සිසුන් වෙනුවෙන් ප්‍රදේශවාසීන් රැගෙනවිත් තිබුණු ආහාරවලට එල්ල කළ ජල ප්‍රහාරයත්, පාර්ලිමේන්තුව අවට ප්‍රදේශවල නිවැසියන්ටත් හානිවන ආකාරයෙන් එල්ල කළ කඳුළු ගෑස් ප්‍රහාරත් අනුව පොලිසිය කෙරෙහි ඉතාම දැඩි විවේචන සමාජයෙන් එල්ල වෙමින් පවතී.

RN