පශ්චාද් ගැටුම් වාතාවරණය හමුවේ ක්‍රියාත්මක ප්‍රතිසන්ධාන කටයුතු සම්බන්ධයෙන් විදේශ අමාත්‍යවරයා කළ රාජ්‍යතාන්ත්‍රික දැනුම්වත් කිරීම

Date:

2022 අප්‍රේල් 26 වැනි දින තානාපතිවරුන් පිරිසක් සමඟ පැවති හමුවකදී විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා පශ්චාද් ගැටුම් වාතාවරණය හමුවේ ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධාන කටයුතු ආශ්‍රිත ගැටළු විසඳීම සහ ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ලබා ඇති ප්‍රගතිය පිළිබඳව විස්තර කළේය.

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (PTA) සම්බන්ධයෙන් මෑතකාලීනව ගෙනහැර දක්වන ලද සැලකිය යුතු සංශෝධන මෙන්ම, එම පනත ත්‍රස්තවාදය හා සබැඳි සමකාලීන මානයන්ට අනුකූලව සකස් කිරීමේ අරමුණින් පුළුල් ත්‍රස්ත විරෝධී පනතක් කෙටුම්පත් කිරීමට ගෙන ඇති පියවර පිළිබඳව ද විදේශ කටයුතු අමාත්‍ය පීරිස් මැතිතුමා මෙහිදී පැහැදිලි කළේය.

මෑතකදී ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා දෙමළ ජාතික සන්ධානය සමඟ පැවැත්වූ සාකච්ඡාව මෙන්ම ඉඩම් පිළිබඳ ගැටලු සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හා සබැඳි රැඳවියන්ගේ ගැටලු ඇතුළු උතුරු නැගෙනහිර පළාත්වල ජනතාවට බලපාන ඇතැම් ගැටලු විසඳීමට ගෙන ඇති පියවර පිළිබඳව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත මෑතකදී භාර දුන් විද්වත් කමිටු වාර්තාව පිළිබඳව අවධානය යොමු කළ අමාත්‍යවරයා, ඒ සම්බන්ධයෙන් පුළුල් අදහස් විමසීමක් ආරම්භ කිරීමට පියවර ගන්නා බවට සහතික විය.

සිවිල් සමාජ සංවිධාන සමඟ පවත්නා සබඳතා ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් රජය සතු කැපවීම මෙන්ම ජාතික රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලය විදේශ කටයුතු අමාත්‍යාංශය යටතට ගැනීම සඳහා මෑතකදී ගත් තීරණය පිළිබඳව සඳහන් කළ අමාත්‍ය පීරිස් මැතිතුමා, විදේශ කටයුතු අමාත්‍යාංශය රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානීන් සමඟ පවත්වන නිරන්තර සංවාද පිළිබඳව සහ ඔවුන්ගේ වැඩකටයුතුවලට සහය වීමට ඇති උද්‍යෝගය පිළිබඳව තානාපතිවරුන් දැනුම්වත් කළේය.

මානව හිමිකම් පිළිබඳ පූර්ව කොමිෂන් සභා සහ කමිටුවල තීරණ ඇගයීම සහ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ දෙවැනි අතුරුවාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් රජය සතු කැපවීම පිළිබඳව ද අමාත්‍ය මහාචාර්ය පීරිස් මැතිතුමා මෙහිදී සඳහන් කළේය.

රටේ පවතින වත්මන් තත්ත්වය පිළිබඳව විස්තර කළ අමාත්‍යවරයා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව  දේශපාලන හා ආර්ථික අභියෝග සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ගෙන ඇති පියවර පිළිබඳව ද පැහැදිලි කළේය.

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා, විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Cadge Bird වෙනුවෙන් ලංකාවට ආ රුවැත්තී “Varalaxmi Sarath Kumar”

රෂිකා හෙන්නායක ජූනි 17, කොළඹ LNW : "Cadge Bird" නැමති...

විපක්ෂ නායක ඇතුළු සජබ මන්ත්‍රීවරුන්ගෙන් කතානායකගේ හැසිරීමට විරෝධයක්!

රෂිකා හෙන්නායක ජූනි 17, කොළඹ LNW : විපක්ෂ නායක සජිත්...

බිහිසුණු එයාර් ඉන්දියා ගුවන් අනතුරට හේතුව කෝ පයිලට් ඇද්ද වැරදි ලීවරය ද?

සටහන – පුලීජූනි 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගුවන් සේවා විශේෂඥයෙකු...