*
Monday, September 30, 2024
spot_img

Latest Posts

ආත්මාර්ථකාමී ලාංකිකයන් ….

පසුගිය මාස කිහිපයේම රටේ උද්ධමනය වැඩි වී බඩුමිල ඉහල යෑම විටින් විට සිදු උනා. සාමාන්‍යයෙන් රජයට උනත් බඩුමිල පාලනය කරන්න මැදිහත් වෙන්න පුලුවන් සීමාවක් තියනව ඒ සීමාවට එහා පාලනය කරන්න ගියොත් වෙළෙන්දො තොග සඟවල කළු කඩ මිලක් හදාගන්නව. එතකොට සමහරවිට මිල තිබුණට වඩා ⁣විශාල මුදලකින් වරඩිවෙන්න පුලුවන්.

පසුගිය අවුරුදු දිනවල සතොස හරහා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ජනතාවට අඩු මිලට දෙන්න රජය කටයුතු කලා. නමුත් මේ තීරණ මාධ්‍ය හරහා ප්‍රචාරය කරපු දිනයේම සවස් වෙද්දි බොහෝ සතොස ශාඛා වල තොග අවසන් වෙලා. ඇත්තටම එහෙම වෙන්න හේතුව මොකක්ද? මේක මම අත්විඳපු සිදුවීමක්. මගේ අසල්වැසි නිවසක සාමාජිකයො පස් දෙනෙක් ජීවත් වෙනව. සතොසෙ සහල් කිලෝ පහක් කිලෝවක් රුපියල් 110ට දෙනව කියල දැනගත් මොහොතේම ඒ පවුලෙ පස් දෙනාම සතොසට ගිහින් සහල් කිලෝ 25ක් රැගෙන ආවා. ආයෙම හවසත් ගිහින් තවත් සහල් ⁣කිලෝ 25ක් ගෙදර ගෙනාව. එතකොට එක පවුලක් දස දෙනෙකුට ගන්න තියන සහල් ටික තනියම ගෙදර ගෙනත්.

තවත් මම දැකපු දෙයක් තමයි පසුගිය දිනවල සබන් මිල වැඩිවීමත් එක්ක බොහෝ දෙනෙක් සබන් තොග වශයෙන් මිලදී ගන්න පටන් ගත්ත. මගේ මිත්‍රයෙක් මේ විදිහට වෙලඳසැළකින් සබන් කැ⁣ට 100ක් පමණ මිලදී ගෙන තිබුණා. නමුත් ඔහු ඒකත් ණයට ගෙනැවිත් තිබුණෙ. ඔහු ඒ ගැන හරි උජාරුවෙන් කතා කරා මිල වැ⁣ඩිවෙන්න පෙර ණයට හරි සබන් ටිකක් ගත්ත කියල. නමුත් ඔහු මොන තරම් ආත්මාර්ථකාමී මිනිසෙක්ද කියල ඔහුට නොතේරුණාට අසා⁣ගෙන සිටි මට එය හොඳින් පැහැදිලි උනා.

ඔබට සල්ලි ඇති ඕන තරම් බඩු මිලදී ගන්න හැකියාව ඇති. නමුත් එදාවේල හම්බකරගෙන කන මිනිසුන්ට ඒ විදිහට තොග රැස්කරල තියාගන්න හැකියාවක් නෑ. ම⁣ට මතකයි අතීතයෙ කාලයක් තිබුණා සන්ලයිට් කැටය දෙකට කපල භාගයත් විකුණපු. ඒ තරම ධරිද්‍රතාවයෙන් පෙළෙන මිනිස්සු මේ රටේ ඉන්නව. ඔබ ඔබේ ගැන විතරක් සිතන එක මේ වෙලාවෙ වත් නතර කරන්න. ඔබේ ඔය ආත්මාර්ථකාමී වැඩ නිසා තව මිනිසුන් සිය ගණනක් අසරණ වෙනව.

මේවා පාලනය කිරීමට බොහෝ විදේශ රටවල භාවිතා කරන සරල ක්‍රමයක් ඇත. එනම් එකක් ගන්නා විට සාමාන්‍ය මිලත්, දෙකක් හෝ වැඩිවශයෙන් ගන්නා අයට දරාගත නොහැකි මිලක් ප්‍රකාශයට පත් කිරීමයි. එසේ නොකර මේ රටේ මිනිසුන් වෙනස් කළ නොහැක.

  • ආරච්චි facebook

Sponsored Article

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan