රඹුක්කන ඝාතනයට වගකිවයුතු සියලුම දෙනා නීතිය හමුවට පමුණුවා දැඩි දඬුවම් දෙනවා – සජිත් (VIDEO)

Date:

රඹුක්කන ප්‍රදේශයේ පදිංචිව සිටි චමින්ද ලක්ෂාන් සහෝදරයා මිලේච්ඡ ලෙස ඝාතනය කොට ඇති බවත්, එම ඝාතනය තරයේ හෙළා දකින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

රාජපක්ෂ ආණ්ඩුවේ රාජ්‍ය ත්‍රස්තවාදයට එම තරුණයා හසු වූ බවත් දරු දෙදෙනකුට පියෙක්, බිරිඳකට සැමියෙක් අහිමි වූ බවත් පැවසූ විපක්ෂ නායකවරයා මේ මිලේච්ඡ ඝාතනය පිළිබඳව ස්වාධීන පරීක්ෂණයක් වහාම පැවැත්විය යුතු බවද සඳහන් කළේය.

මේ ප්‍රහාරයෙන් ගම්‍යවන්නේ රාජපක්ෂ ආණ්ඩුවේ නීච නිහීන ස්වරූපය බව පැවසූ විපක්ෂ නායකතුමා එය රාජපක්ෂවරුන්ගේ සුපුරුදු පිළිවෙත බව ද පැවසීය.

මෙම ඝාතනයට වගකිවයුතු සියලුම දෙනා නීතිය හමුවට පමුණුවා ඔවුන්ට දැඩි දඬුවම් පැමිණවීමට කටයුතු කරන බවත් ඒ මහතා අවධාරණය කළේය.

සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ඊයේ (19) රාත්‍රියේදී විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

41 වන Mrs. World රූප රාජිනියන් අතුරින් ලංකාවේ සබීනා දෙවන අනුශූරතාවයට!

සටහන – පුලී ජනවාරි 30, කොළඹ (LNW):  41 වන මිසිස්...

‘වේල්ගේ අවසාන පැතුම’: පුතාගේ අවමංගල්‍යය සඳහා ටෙක්සාස් මිනිසා නිදහස් කිරීම ICE ප්‍රතික්ෂේප කරයි!

රෂිකා හෙන්නායක ජනවාරි 30 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ආගමන...

කළාපයේ ක්‍රීඩා සංවර්ධනයට තිරසාර ආකෘතියක් ඇති කිරීමට දකුණු ආසියානු ඔලිම්පික් කමිටුවල එකඟතාවක්

නිශ්මං රණසිංහ ජනවාරි 30, කොළඹ LNW: දිගුකාලීන කලාපීය සහයෝගීතාවය සහ...