අව් වැසි නොතකා නිදිනැති විරෝධය : ආණ්ඩුවේ සියලු උප්පරවැට්ටි නිශ්ඵල වී ඇත ..

Date:

ලංකාවේ මොන තරම් විශාල දේශපාලන පක්ෂයකට උනත් ගෝල්ෆේස් පිට්ටනිය පුරවන රැළියකට සූදානම් වෙන්න මාසයක කාලයක්වත් යනවා…

සෙනග අදින්ට බස් රථ ඇනවුම් කරන්න,ප්‍රචාරක කටයුතු වලට සහ අරමුදල් හොයාගන්ට වගේ දේවල් වලට අවම මසක් පමණ කාලයක්වත් යනවා..

නමුත් දින දෙක තුනක කාලයක් තුල කල දැනුවත්කිරීමක් හරහා සමාජමාධ්‍ය හැර වෙනත් ප්‍රචාරක මාධ්‍ය නොමැතිව පවා ස්වේච්ඡාවෙන් ගාළුමුවදොර මෙසේ මහජන විරෝධයෙන් පිරීයෑම ඇස් මවිතකරවන දසුනකි..

අනිත් කාරනාව රැළියක් සඳහා පැය කීපයකට එකතු වීම සහ අවු වැසි මැද නිදිවර්ජිතව එකදිගට භූමිය අල්ලාගෙන මෙසේ විරෝධය පෑම යනු දෙකකි..

ආන්ඩුව සිංහල අලුත් අවුරුදු නිවාඩුව කලින් ලබාදී සිකුරාදා මිනිසුන් ගංවලට පිටත්කර හැරීමේ උප්පරවැට්ටියක්ද යෙදුවේය..

අවසානයේ සියල්ල නිශ්ඵල වී ඇත..

මෙයින් පැහැදිලි වන්නේ ගෝඨාන්ඩුවේ අදූරදර්ශී හා දූෂිත වැරදි ආර්ථික කළමනාකරණය විසින් සිවිල් ජනජීවිතය මොනතරම් භයානක ව්‍යාසනයකට ඇදදමා ඇද්ද යන්නය..

තව සති තුන හතරකින් පමණ දැනට ලංකාවේ ආර්ථිකය ගැටගහගෙන අසීරුවෙන් ඇදගෙන යන ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එකත් ඉවරවී රට ගිලෙන නැවක් සේ එක තැන ගිලෙන විට රට තුල උද්ගතවීමට නියමිත තත්වය දැන් නම් හිතාගැනීමට පවා නොහැක..

  • ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙනිසියුලාව සමඟ යුද්ධයක යාමට ඉඩ ඇති බව ජනාධිපති ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 03: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපදය වෙනිසියුලාව...

2026 අයවැය: බදු ප්‍රතිපත්තියේ වෙනසක්!

කොළඹ LNW: 2026 වසර වෙනුවෙන් අයවැය ඉදිරිපත් කිරීම ඉදිරියේදී...

මීළඟ APEC නායක සමුළුව චීනයේ Shenzhen නගරයේ දී

කොළඹ LNW:2026 වසරේ APEC නායකයින්ගේ 33 වන නිල නොවන...

දීප්තිගේ දීප්තියෙන් වැසී ගිය ලෝරාගේ ගීතය

නිශ්මං රණසිංහ නොවැම්බර් 03,  කොළඹ LNW: ලෝරා වොල්වර්ඩිට් ක්‍රිකට්වලට අමතරව ගැයීමේද...