එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරනවා – රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුජීව අමරසේන මහතා පවසන්නේ , විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය තමන්ට එල්ල කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් , දේශපාලන අරමුණු ඉටු කරගැනීම වෙනුවෙන් තමන් උපකුලපති තනතුරින් ඉවත් කිරීමේ සූදානමක් පවතින බවය.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ලේකම්, කථිකාචාර්ය රොහාන් ලක්සිරි මහතාගේ නිල කාමරයට විෂ වායුවක් මුදාහැරි බව කියන සිද්ධිය සම්බන්ධයෙන් රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ප්‍රමුඛ පරිපාලනය නිසි විමර්ශනයක් සිදුනොකළ බවට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ඉකුත් පෙබරවාරි මස 08 වනදා ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් චෝදනා කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයක් ක්‍රියාත්මක කරන පසුබිමක රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුජීව අමරසේන මහතා ඊයේ (02) ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කළේය.

රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුජීව අමරසේන මහතා තවදුරටත් අදහස් දක්වමින් ,

“අවුරුදු 4ක්ම නවක වදයෙන් තොරවූ විශ්වවිද්‍යාලයක් බවට පත් කරලා තියෙනවා. අන්තර විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලය පසුගිය වසර හතර පුරාම මාව ඉවත් කරන්න කියලා උද්ඝෝෂණය කළා. මට එකේ අලුත් දෙයක් දැනෙන්නේ නෑ. පුදුමයි ඔවුන් තාම මාව ඝාතනය කිරීමට උත්සහ නොකිරීම ගැන. අලුතින් ගොඩ නැගුණු විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයෙන් අලුත් ඉල්ලීමක්. ඔවුන් පටන් ගත්තේ බදු පිළිබඳ උඝෝෂණය කිරීමනේ පසුගිය ජනවාරි මාසේ. නමුත් පස්සේ ඇතිවු සිද්ධියකින් පසුව මේ සම්පූර්ණ ව්‍යාපාරය මා වෙතට හැරෙව්වා. මට චෝදනා එල්ලා කළා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ලේකම්ගේ කාමරයට විෂ වායුවක් එල්ල කිරීමෙන් ඔහුව ඝාතනය කිරීමට උත්සහ කළා කියලා. මම ඒ චෝදනවා ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒ එක්කම ජාතික ජනබලවේගයට සහ ජනතා විමුක්ති පෙරමුණට ඊළඟ පාළාත් පාලන මැතිවරණයේ දී ඡන්දය දෙන්නට කියලා ඉල්ලා සිටින මාධ්‍ය සාකච්ඡා මේ ආචාර්ය සංගමයේ සාමාජිකයයින්ම කරනවා. ඔවුන් එ්ක ආචාර්ය සංගමය හැටියට කරන්නේ නෑ. නමුත් පුද්ගලයෝ හැටියට මේක කරනවා. හිතනවා ඔවුන් මේ ඉල්ලන්නේම ජාතික ජන බලවේගයේ එක අරමුණක් වෙනුවෙන් මාව ඉවත්කළ යුතුයි කියන එක කියලා.”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එජපෙටයි සමඟිටයි තවත් නම් දිනන්න බැහැ. අපි අලුත් වැඩක් හදනවා – චම්පික

කොළඹ LNW: සංවර්ධනය වෙන එමෙන්ම දුෂණය නැති රටක් වෙනුවෙන්...

උදය ගම්මන්පිලත් අත්අඩංගුවට ??

නීතීඥ අචලා සෙනවිරත්න විසින් කරන ලද පැමිණිල්ලක් අනුව හිටපු...

තැපැල් වර්ජනය:සේවක ඉල්ලීම් 19න් 17ක්ම දීලා. සේවයට වාර්තා කරන අයට ආරක්ෂාව සපයයි

කොළඹ LNW: තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය සහ...

කළු සල්ලි ජාවාරමක් පිළිබඳව රනිල්ට එරෙහිව CIDයට පැමිණිල්ලක් ?

කොළඹ නෙළුම් කුලුනේ කැසිනෝ ශාලාවක් පවත්වාගෙන යාම සඳහා ඉන්දියානු...