ඩොලර් බිලියනයට ඉන්දියාවට එකඟ වූ කොන්දේසි රටට හෙළි කරන්න – මුජිබර් රහුමාන්

Date:

ඉන්දියාවෙන් ඇමරිකානු ඩොලර් බිලියනයක ණය මුදලක් ලබා ගැනීම සඳහා එකඟ වූ කොන්දේසි මොනවාදැයි ශ්‍රී ලංකා රජය හෝ ඉන්දියාව හෝ මේ දක්වා ප්‍රකාශයට පත්කර නොමැති බව සමගි ජන බලවේගය ප්‍රකාශ කරනවා. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ මුදල් අමාත්‍යවරයා විසින්, ඉන්දියාවට එකඟ වූ කොන්දේසි සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කළයුතු බවයි.

ආණ්ඩුව ණය ලබා ගත්තද එම ණය ආපසු ගෙවීමට සිදුවන්නේ ජනතාවට බැවින් ණය ලබා ගැනීමට අදාලව එකඟ වූ කොන්දේසි මොනවාද යන්න පිළිබඳව දැන ගැනීමේ අයිතිය ජනතාවට තිබෙන බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසන්නේ.

මත්තල ගුවන් තොටුපල, සාම්පූර් බලාගාරය, උතුරු අර්ධද්වීපයේ දූපත් සමූහයක් ඉන්දියාවට ලබාදීමට ආණ්ඩුව සූදානම් වන බවට පසුගිය දිනවලදී විවිධ වාර්තා පළ වූ බව පෙන්වා දෙන මුජිබර් රහුමාන් මහතා පවසන්නේ ඩොලර් බිලියනයක් ලබා ගැනීමට ඉන්දියාවට විකුණන සම්පත් මොනවාදැයි ආණ්ඩුව නිශ්චිතවම පැහැදිලි කළයුතු බවයි.

බැසිල් රාජපක්ෂ මහතාගේ ඉන්දියානු ගමන අවස්ථා කිහිපයකදී ඉන්දියාවේ දැනුම්දීම මත කල්දැමීමට සිදු වූ බවත්, මේ හරහා ඉන්දියාව යම් යම් කේවල් කිරීම් සිදුකළේද යන්න පිළිබඳව සැක මතුවන බවත් මන්ත්‍රීවරයා පවසනවා. මේ නිසා ඩොලර් බිලියනයක ණය මුදලක් ලබා ගැනීම සඳහා ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම සහ එහි අඩංගු කොන්දේසි පිළිබඳව රටට හෙළිකළ යුතු බව ඔහු අවධාරණය කරයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චොකා මල්ලී මරණ දඬුවමෙන් නිදහස් කළ තීන්දුව බලරහිත කරන ලෙස ඉල්ලන පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර !

සටහන - රුවන් නෙළුගොල්ල 2015 ජනාධිපතිවරණය ආසන්නයේදී කහවත්තේ පැවති ජනාධිපති...

එස්.එම් රංජිත්ගේ ඇප ඉල්ලීම කරුණු තහවුරු කිරීමට දින!

රෂිකා හෙන්නායක ජූලි 31, කොළඹ LNW : බරපතළ වැඩ සහිත...

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කපන පනත් කෙටුම්පත ගැසට් කරයි

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද ඉවත් කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කර...