ඉදිරි සතිය තුළ රෝහල් කටයුතුත් සම්පූර්ණයෙන් අඩාල වෙන්න පුලුවන් !

Date:

ඉන්ධන හිගය, ගෑස් අර්බුදය, ඖෂධ හිගය ඇතුළු ගැටලු කිහිපයක් හේතුවෙන් රජයේ රෝහල්වල දෛනික කටයුතු සඳහා දැඩි බලපෑම් එල්ල වී ඇති බව වාර්තා වේ. අර්බුදය තවදුරටත් පැවතියහොත් ඉදිරි සතිය ඇතුළත බොහෝ රෝහල් වසාදැමීමට සිදුවන බවයි රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංසදයේ සභාපති, වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා මාධ්‍ය වෙත පවසා තිබෙන්නේ.

ඉන්ධන හිගය හේතුවෙන් වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන්ට සේවයට වාර්තා කිරීමට නොහැකි වී ඇති අතර සේවයට වාර්තා කරන පුද්ගලයන්ගේ දෛනික සේවාද අඩපන වී තිබෙනවා.

මීට අමතරව ඉන්ධන හා ගෑස් හිගය හේතුවෙන් මේ වනවිටත් ඇතැම් රෝහල්වල ආපන ශාලා වසා දැමීමට සිදුව තිබේ. රෝගීන්ගේ මෙන්ම සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ ආහාර අවශ්‍යතා සපුරාලීම දැඩි ගැටලුවක් වී ඇති බවයි බෙල්ලන මහතා සඳහන් කරන්නේ.

මෙම සියලු අර්බුදවලට වඩා සෞඛ්‍ය ක්ෂේත්‍රය මුහුණ ‍‌දෙන බරපතලම ගැටලුව වී තිබෙන්නේ ඖෂධ හිගයයි. ඇතැම් රෝහල්වල අත්‍යවශ්‍ය ඖෂධ පවා හිග වී ඇති බව වෛද්‍යවරයා ප්‍රකාශ කරනවා.

මෙම අර්බුද තවදුරටත් වර්ධනය වුවහොත් තවත් සතියක් ඇතුළත බොහෝ රෝහල් වසා දැමීමට සිදුව ඇති බවට බෙල්ලන මහතා අනතුරු අඟවනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ක්‍රීඩාවේ උන්නතියට ජනපතිගෙන් උපදෙස්!

රෂිකා හෙන්නායක අගෝස්තු 15, කොළඹ LNW: අද (15) පෙරවරුවේ, තරුණ...

කොළඹ ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ බිරිඳ ඇතුළු 08ක් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක අගෝස්තු 15, කොළඹ LNW: කොළඹ ප්‍රදේශය භාර නියෝජ්‍ය...

දකුණු කොරියාවේ අලුත්ම සූදානම..

රෂිකා හෙන්නායක අගෝස්තු 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු කොරියානු දේශසීමාවේ...

ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට එජාපයේ බලවත් විරෝධය ?

ඉන්දියාවේ 79 වැනි නිදහස් දිනය නිමිත්තෙන් මෙරට මුද්‍රිත මාධ්‍යවල...