*
Tuesday, April 30, 2024
spot_img

Latest Posts

තවත් දරුණු තත්ත්වයක් ඉදිරියේදී – මහබැංකු අධිපති

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසන්නේ පොලී අනුපාතය සහ විනිමය අනුපාතය ස්වාධීනව තීරණය කිරීමට මහ බැංකුවට අවස්ථාව නොලැබුණහොත් මේ වන විට රටේ පවතින ආර්ථික අර්බුදය වැනි තවත් දරුණු තත්ත්වයක් ඉදිරියේදී ද ඇතිවිය හැකි බවයි .මහ බැංකු අධිපතිවරයා පැවසුවේ ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත වෙනස් කිරීමට බලපෑ ප්‍රධාන හේතුව ද විනිමය අනුපාත පිළිබඳ ස්වාධීනව තීරණ ගැනීමේ අවශ්‍යතාවය බවයි.මේ වන විට රටේ පවතින ආර්ථික අර්බුදයට බලපෑ ප්‍රධාන සාධක සම්බන්ධයෙන් ද මහ බැංකු අධිපතිවරයා අනාවරණ කළ අතර ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත. එය අනුමතවීමෙන් අනතුරුව ශ්‍රී ලංකා මහ බැංකුවට අදාළ වන පරිපාලන නීතිය බවට පත්වනවා. මෙම පනත් කෙටුම්පත පිළිබඳව මහජන අදහස් විමසීමද මේ දිනවල සිදුවෙමින් පවතී.

රෂිකා හෙන්නායක

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan