බොරතෙල් මිල අධිවේගයෙන් පහළට – රටවල් රැසක ඉන්ධන මිල අඩුවෙයි !

Date:

යුක්රේන – රුසියා යුද අර්බුදය හේතුවෙන් අධිවේගයෙන් ඉහළ ගිය බොරතලේ මිල මේ වනවිට යළිත් එම වේගයෙන්ම පහළ යමින් තිබෙනවා. මේ වනවිට බොරතලේ බැරලයක මිල ඇමරිකානු ඩොලර් 100 ටත් අඩු අගයක් දක්වා පහත වැටී ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ වෙළඳපොල ගනුදෙනු අවසන් වනවිට බොරතෙල් බැරලයක මිල ඩොලර් 98 ක් ලෙස සටහන් වූ අතර එය පසුගිය සති දෙකක කාලය තුළ වාර්තා වූ අවම අගයයි.

මේ අතර බොරතෙල් මිල පහත වැටීමත් සමග එහි වාසිය සිය ජනතාවට ලබාදීමට ලොවපුරා රටවල් කිහිපයක් පියවර ගෙන තිබෙනවා. නවසීලන්තය ඇතුළු රටවල් පසුගියදා ඉන්ධන මිල ඉහළ දැමීමට කටයුතු කළ අතර කෙසේ නමුත් මේ වනවිට යළිත් මිල අඩු කිරීමට කටයුතු කර තිබේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුද්ධමය තත්ත්වය හමුවේ ආනයනය කරන ඉන්ධනවල මිල ගණන්වලට කුමක් වේවිද?

රෂිකා හෙන්නායක ජූනි 22, කොළඹ LNW : ඊශ්‍රායල සහ ඉරාන...

තායිලන්තයේ දවසේ අස්වැන්න රන් දෙකයි රිදී එකයි – මධුෂානිගෙන් හොඳම දක්ෂතාවය

නිශ්මං රණසිංහ ජුනි 22, කොළඹ LNW: තායිලන්ත තාමාසාට් සරසවි ක්‍රීඩාංගණය...

ඇමෙරිකාවෙන් ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන වලට ප්‍රහාර.!

අශෝක ජයතුංග ජූනි 22 වොෂින්ටන් LNW : 🍎ඇමෙරිකාව ඇතුලෙන්ම ඊට විරෝධය...

ජනතාවගේ ජනවරම අවජාතක කළා නම් සුජාත පුත්තු උපදිනවා කියලා හිතන්න එපා – ඇමති TB

ජාතික ජන බලවේගය ප්‍රාදේශීය සභාවල බලය පිහිටුවා ඇත්තේ පොහොට්ටුව,...