”ශානිට අත නොතබනු” – සිවිල් සංවිධාන ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපිටට!(VIDEO)

0
571

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාට සහය පළකරමින් අද (10) ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපිට නිහඬ විරෝධයක් සහ පෙත්සමක් අත්සන් කිරීමට කටයුතු යොදා තිබුණි.

අත්අඩංගුවට ගැනීම වළක්වාලීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා,අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොණු කර තිබුණු අතර එය අද කැඳවීමටයි ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කර තිබුණේ.

මේ අතර මෙහි පෙත්සම් විභාගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා ඉවත් වීමද විශේෂත්වයක් විය.

තරුණයින් 11 දෙනෙකු පැහැරගැනීමේ සිදුවීම, පාස්කු ප්‍රහාරය ඇතුළු ආන්දෝලනාත්මක විමර්ශන රැසකටම ශානි අබේසේකර මහතා මූලිකත්වය දී තිබුණි.

මෙහිදී අද ඔහුට සහය පළකරමින් සිවිල් සංවිධාන නියෝජිතයින් ඇතුළු පිරිස අවධාරණය කළේ ශානි අබේසේකර මහතාගේ ජීවිතයට තර්ජනයක් තිබෙන අතර ඔහුව ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය මැදිහත්වීම මෙලෙස සිදු කරන බවයි.

ASK

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here