මැලේසියාවේ හිටපු අගමැති මුහිදීන් යසින් දූෂණ චෝදනා මත අත්අඩංගුවට

Date:

මැලේසියාවේ හිටපු අගමැති මුහිදීන් යසින් රජය විසින් දියත් කරන ලද ආර්ථික ප්‍රකෘතිමත් කිරීමේ ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් වසංගතය අතරතුර කොන්ත්‍රාත්තු වෙනුවට ගොඩනැගිලි කොන්ත්‍රාත්කරුවන් ඔහුගේ බර්සාටු පක්ෂයේ ගිණුම්වලට මුදල් තැන්පත් කළ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කිරීම වෙනුවෙන් අත්අඩංගුවට ගෙන ඇති බව මැලේසියානු දූෂණ විරෝධී කොමිසම (MACC)විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා තිබේ.

75 හැවිරිදි මුහයිදීන් මෙහිදී මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ තමන් දූෂණ චෝදනාවලට වැරදිකරු නොවන බවත්, තමාට එරෙහිව එල්ල වී ඇති චෝදනා දේශපාලන අරමුණු මත එල්ල වූ ඒවා බවත්ය. ධූරයෙන් ඉවත්වීමෙන් පසු අධිචෝදනා ලබන රටේ දෙවැනි නායකයා මුහිදීන්ය.

2018 මහ මැතිවරණයෙන් බලය අහිමි වීමෙන් පසු හිටපු අගමැති නජීබ් රසාක්ට විවිධ දූෂණ චෝදනා එල්ල විය. ඔහු 2022 අගෝස්තු මාසයේදී වසර 12 ක සිරදඬුවමකට යටත් වූ අතර ඔහුගෙන් අනතුරුව 2020 මාර්තු මාසයේදී අගමැති බවට පත් වූ මුහයිදීන් දූෂණ චෝදනාවන් වෙනුවෙන් චෝදනා ලබමින් ඇත.

සශිකලා මධුෂාණී_

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා පිතිකරුවොත් තරග විනිසුරුවෝත් අවසාන තරගයට පිවිසෙන්නට ශ්‍රී ලංකාවට තිබුණ ඉඩ අහුරති.

නිශ්මං රණසිංහ නොවැම්බර් 22, කොළඹ LNW නිශාන් මධුශ්ක,නුවනිඳු ප්‍රනාන්දු,සහන් ආරච්චිගේ,දුනිත්...

හැකි පළමු අවස්ථාවේදීම අපි මේ ආණ්ඩුව පෙරළනවා – නාමල් රාජපක්ෂ අභියෝග කරයි

තමන් මේ ජනබලය, ජනමතය ගොඩනඟන්නේ හැකි පළමු අවස්ථාවේදීම ආණ්ඩුව...

වැසි තත්වයේ වැඩිවීමක් – අද (22) කාලගුණ නිවේදනය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දින...

විපක්ෂයේ මහා ජන හඬ අවසන් – නොදුටු දසුන් මෙන්න! (PHOTOS)

කොළඹ LNW:විපක්ෂයේ පක්ෂ කිහිපයක එකතුවෙන් අද (21) නුගේගොඩදී ''මහා...