ලබන මාසය වනවිට IMF ගිවිසුම අත්සන් කරනවා. වසර අවසානයේ ජනතාවට සහන දෙනවා – රුවන් (VIDEO)

Date:

බංකොලොත්ව තිබෙන රට යළිත් ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය සෑම නිවැරදි තීන්දුවක්ම මේ මොහොතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ක්‍රියාත්මක කරමින් තිබෙන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, ජනාධිපති උපදේශක රුවන් විජේවර්ධන මහතා පවසයි.

“අපේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැති වෙලා පළවෙනි දවසෙම ඩොලර් ලක්ෂ 5ක් හොයාගන්න බැරිවුණා භාණ්ඩාගාරයට ගෑස් ගේන්න. එච්චරටම රට බංකොලොත් වෙලා තිබුණෙ. නමුත් එතුමාගේ දක්ෂතාවය නිසා සුමාන දෙකක් යනකොට ඒ ටික ඔක්කොම හෙව්වා. එහෙම හැකියාවක් තිබෙන නායකයෙක් තමයි අන්තිමට මේ රටේ ජනාධිපති වුණේ. අද එතුමා මේ බංකොලොත් වෙලා තිබුණු රට යළිත් ශක්තිමත් කරන්න සෑම නිවැරදි තීන්දුවක් තීරණයක්ම ගන්නවා. අනිවාර්යයෙන්ම ලබන මාසය වෙනකොට අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක ගිවිසුම අත්සන් කරනවා අපි. මේ අවුරුද්ද අන්තිම වෙනකොට තමුන්නාන්සෙලාට සහන ලබාදෙන්න පුළුවන් වෙනවා අපට. අද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි අනුව තමයි අපට බදු වැඩිකරන්න සිද්ධ වෙලා තියෙන්නෙ. ඒගොල්ලන්ගේ කොන්දේසි අනුව තමයි අපට විදුලි බිල වැඩිකරන්න සිද්ධ වෙලා තියෙන්නෙ. ඉතින් මේවා ඇත්තෙන්ම ඉතාම අමාරු තීන්දු තීරණ. ජනතාවට වැදෙන තීන්දු තීරණ. නමුත් කොන්දක් තියෙන නායකයෙකුට ඒ තීන්දු තීරණ ගන්න වෙනවා මුළු රටම වෙනුවෙන්. කුණු වෙච්ච තුවාලෙට බෙහෙත් දානකොට නටන්නෙ විෂබීජ ටික. අන්න එහෙම තමයි අපේ විපක්ෂය. මේ දවස්වල නටනවා, සැණකෙළි තියන්නෙ මේ දවස්වල”

රුවන් විජේවර්ධන මහතා මේ බව පැවසුවේ ඊයේ (26) බදුල්ලේදී පැවති එජාප පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයින්ගේ හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එංගලන්තයත් එක්ක ලංකාව හැප්පෙන හැටි බලන්න ටිකට් ගන්න හැටි….

නිශ්මං රණසිංහ ජනවාරි 18, කොළඹ LNW: එළැඹෙන ජනවාරි 22 දා...

හදවත නිසලය… මතකය සසලය…

නන්දන ගුණතිලක සහෝදරය අද (18) හිමිදිරියේ අප වෙතින් නික්ම...

අලව්වේදී තරුණයෙක් වෙඩි තබා ඝාතනය කරලා !

සටහන - රුවන් නෙළුගොල්ල අලව්ව, මොරවලපිටිය, ගොඩාකූරුව ප්‍රදේශයේදී ඊයේ (17)...