පාස්කු ප්‍රහාරය ගැන අලුත් කරුණු හෙළිවෙලා. අපක්ෂපාතී පරීක්ෂණයක් අවශ්‍යයි – රනිල්

Date:

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් මේ වනවිට අලුතින් කරුණු හෙළිවී ඇති බැවින් සියලු දෙනාම එකතුව මේ පිළිබඳ අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකළ යුතු බව හිටපු අගමැති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

“පාස්කු ඉරිදා සිද්ධිය පිළිබඳ අලුත් කරුණු දැන් හෙළිවෙලා තියෙනවා. කොමිසමේ වාර්තාව අනුව කීපදෙනෙක්ට විරුද්ධව නඩු දාන්න යෝජනා කළාට ඒ පරීක්ෂණ සම්පූර්ණ කළාට පසුව රජය නඩු දැම්මේ හිටපු පොලිස්පතිතුමාටත් හිටපු ආරක්ෂක ලේකම්තුමාටත් විරුද්ධව. අධිකරණයේ තීන්දුව අනුව මේ විත්තිකාරයින් දෙදෙනාගේ සාක්ෂි කැඳවන්නෙ නැතුව මේ අයට විරුද්ධව නඩු නැහැ කියලා තීරණය කළා. ඒ වගේම මුස්ලිම් මන්ත්‍රීවරයෙකුත් තවත් දෙදෙනෙකුත් මේ පිළිබඳව අත් අඩංගුවට අරගත්තා. ඒ තුන්දෙනාම දැන් නිදහස් කරලා තියෙන්නෙ. අන්තිමට ශානි අබේසේකරගේ දිවුරුම් ප්‍රකාශය තිබෙනවා. ශානි අබේසේකර කියන දේ අනුව මේ ගැන විශේෂයෙන්ම හමුදා බුද්ධි සේවය සම්බන්ධයක් තිබුණු බවට. මේ අවස්ථාවේදී මම හිතන්නෙ සියලු දෙනාම එකතුවෙලා මේ ගැන අපක්ෂපාතීව තීරණයක් අරගත යුතුයි”

රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (25) දිනයේදී මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොහොර මිල වැඩිකරලත් නෑ.හිඟයකුත් නෑ – අනවශ්‍ය වැඩ එපා. නීතිය ක්‍රියාත්මකයි!

කොළඹ LNW: පොහොර හිඟයක් ඇති කිරීමට හෝ අධික මිලට...

ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ඉරානයේ මියගිය සංඛ්‍යාව 400 දක්වා ඉහල යයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 21; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජූනි 13 වන...

බදුල්ලේ බස් අනතුරක්: දෙදෙනෙකු ජීවිතක්ෂයට..25 ක් රෝහලට!

රෂිකා හෙන්නායක ජූනි 21, කොළඹ LNW : අද සවස, බදුල්ල...

පාකිස්ථානය, ඊශ්‍රායලයේ ‘sugar daddy’ නොබෙල් ත්‍යාගයට නම් කිරීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 21; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...