මේක නීත්‍යනුකූල මැතිවරණයක් නෙවෙයි නම් එක්සත් ජාතික පක්ෂය ඇප බැන්දෙ ඇයි, – පුබුදු ජාගොඩ

Date:

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා ඊයේ (23දා) පැවසූවේ ,ජනාධිපති පවසන්නේ ඔහු මූලිකත්වය දෙන්නේ ආර්ථික අර්බුදය විසඳන්න පමණක් බවයි. නමුත් ආර්ථික අර්බුදය විසඳන්නේ මොන දේශපාලන නායකත්වය යටතේ ද කියලා තීරණය කළ යුත්තේ ජනතාවයි. එහෙම නැතිව රනිල් නොවන බව ජාගොඩ මහතා පැවසීය .

මැතිවරණ කොමිසම පළාත් පාලන මැතිවරණයක් කැඳවා නැති බවට ජනාධිපතිවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී දැක්වූ අදහස් පිළිබඳව සිය ස්ථාවරය පැවසීමට නුගේගොඩ එම පක්ෂ මූලස්ථානයේ දී ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව කීවේය.

පුබුදු ජයගොඩ මෙසේ වැඩිදුරටත් කීවේය.

” මේක නීත්‍යනුකූල මැතිවරණයක් නෙවෙයි නම් එක්සත් ජාතික පක්ෂය ඇප බැන්දෙ ඇයි, නාමයෝජනා දුන්නේ ඇයි කියා අපි ප්‍රශ්න කරනවා. මැතිවරණ තියන්න සල්ලි නෑ කියලත් ජනාධිපති කියනවා. එහෙම බැලුවොත් හැම මැතිවරණයකට ම ඔහු මෙම තර්කය අදාළ කර ගනීවි. සල්ලි නෑ කියලා කවදාවත් ඡන්ද තියෙන එකක් නෑ. ආර්ථික අර්බුදය සම්පූර්ණ වශයෙන්ම විසඳෙන්න තව අවුරුදු දහයක් විතර යයි කියලයි මහ බැංකු අධිපති කියන්නේ. ජනාධිපතිවරයා හදන්නේ එතකම් ම ඡන්ද නොතියා ඉන්නද. ජනාධිපති කියනවා එයා මූලිකත්වය දෙන්නේ ආර්ථික අර්බුදය විසඳන්න කියලා. ඉතින් ආර්ථික අර්බුදය විසඳන්නේ මොන දේශපාලන නායකත්වය යටතේ ද කියලා තීරණය කළ යුත්තේ ජනතාවයි. එහෙම නැතිව රනිල් නෙවෙයි. ඇමෙරිකානු විප්ලවයේ සටන් සටන්පාඨය වුණේ ‘නියෝජනයක් නැත්නම් බදු ගෙවන්නේ නෑ’ කියන එකයි. දැන් අපිටත් එම ස්ථාවරයට යන්න වෙලා තියෙනවා”.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: උතුරු අප්‍රිකාවේ සිට ඔබේ පිඟානට ගෙන එන රසවත් කතන්දරේ!-Shakshouka, the One-Pan Wonder

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): ආයුබෝවන් ආහාර ලෝලීනි! මේ...

පැරදුණත් අනාගතයට කොළ එළි දල්වන රතු

නිශ්මං රණසිංහ ජනවාරි 13, කොළඹ LNW: කාන්තා විස්සයි විස්ස ජාතික...

ඉරානයේ පළමු මරණ දඬුවම හෙට ක්‍රියාත්මක කරයි;විරෝධතා හේතුවෙන් මියගිය සංඛ්‍යාව 2000 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජ්‍ය විරෝධී...

හදිසියේම අප්පච්චියෙක් වුන ට්‍රම්ප්පච්චි! 

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): තුර්කියේ කාන්තාවක්, එක්සත්...