“රට වෙනුවෙන් වූ වගවීම” සියළුම පාර්ශව විසින් සහතික කල යුතුය!

Date:

තම මාතෘභූමිය අද වන විට මුහුණ දෙමින් සිටින දැවැන්ත අර්බුදයේ යථා ස්වභාවය පිළිබඳව වගකීමක් සහිත සෑම ආයතනයකටම මනා අවබෝධයක් තිබීම ඉතා වැදගත් ය. රටේ පුරවැසියන්ට අදාළව ද එය එසේ විය යුතුව ඇතැයි යන්න අපගේ විශ්වාසයයි.

අද වන විට රට මුහුණ දෙමින් සිටින බැරැරුම් ස්වභාවයට සැබෑ වගකිව යුත්තන් කවුද යන්න පිළිබඳව ඒ බොහෝ දෙනෙකු තුළ විවාදයක් තිබිය නොහැකිය. එහෙත් රට මුහුණ දී ඇති ගැඹුරු අවදානම ගැන ඒ බොහෝ පාර්ශවයන් යථා අවබෝධයකින් කටයුතු කරමින් සිටින්නේ ද යන පැනය අපට මේ මොහොතේ නොවිමසා සිටිය නොහැකිය.

අප මෙම ප්‍රශ්නය නගන්නේ සමස්ත ජාතිය පිළිබඳව තිබෙන්නා වූ අවංක හැගීමකිනි. කිසිදු බල අපේක්ෂාවක් හෝ කුමන හෝ බල දේශපාලන කඳවුරක අනුග්‍රාහකත්ව අරමුණකින් තොරවය. එමෙන්ම ජාති, කුල, ආගම් හෝ වෙනත් පටු සීමාවකට කොටු නොවෙමින් මේ රටේ අනාගත පරම්පරාවට හෝ යහපත් රටක් උරුම කර දීම අප සතු පරම වූ වගකීමක් යැයි සලකන නිසාය.

ඒ අනුව සැලකීමේදී අද අප රට පවතින්නේ එකිනෙකා බෙදී වෙන්වී බලය උදෙසා පොරබැදිය හැකි තත්වයක නොවේ. සාමුහික වගකීම පෙරටු කරගෙන රට ගොඩ ගත යුතුව ඇති තැනකය. ඒ බව අන් සියල්ලන්ටම පෙර රටේ ආණ්ඩුව ද ඒ සමගම අනෙකුත් සියළුම දේශපාලන පක්ෂ හා ජාතික වගකීමකින් කටයුතු කල යුතු ආයතන ද පොදුවේ සමස්ථ පුරවැසියන් ද මැනැවින් අවබෝධ කරගැනීම ඉතා වැදැගත් ය.

එබැවින් අප මේ මොහොතේ රටේ සියළුම පාර්ශවයන් වෙත ආයාචනා කරන්නේ පටු බල අරමුණු පෙරටු කරගනිමින් රටේ යහ පැවැත්මට අවහිර විය හැකි සෑම කටයුත්තක් ම අවම වශයෙන් යම් නිශ්චිත කාලයකට හෝ යටත් කොට නතර කරන ලෙසට ය.ජන ජීවිතය අඩාල කරවන හා රටේ ආර්ථිකයට හානිවන කිසිදු පියවරක් නොගන්නා ලෙස අප සියළු පාර්ශව වෙතින් නැවත නැවතත් ආයාචනා කරන අතර රජය ද ජනතා හැඟීම්වලට සවන් යොමු කරමින් එම ගැටළු මැනවින් තේරුම්ගෙන පාර්ලිමේන්තුව හරහා එකි ප්‍රශ්න නිරාකරණය කරගැනීම වැදගත් යයි අපි විශ්වාස කරන්නෙමු. එමෙන් ම ජන මතයට ගරු කරමින් කාලානූරූපීව මැතිවරණ පැවැත්වීමේ අවශ්‍යතාවය ද අප වැඩිදුරටත් පෙන්වා දෙනු කැමැත්තෙමු.

කරු ජයසූරිය
සභාපති
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය.
2023.02.21

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිරුණිකා ඇතුළු 15කට එරෙහි නඩුව කැඳවීමට දින දෙයි!

කොළඹ LNW:හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු සැකකාර...

මතුගම බලය සමගි ජන බලවේගයට

කළුතර දිස්ත්‍රික්කයේ මතුගම ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කරගැනීමට සමගි...

වලපනේ ප්‍රාදේශිය සභාවට NPP සභාපතිවරයෙක්!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද දින (30)...

පරීක්ෂා නොකර නිදහස් කරන ලද බහාලුම් ගැන පාර්ලිමේන්තුවේදී හෙළි වෙයි!

කොළඹ LNW: රේගු පරීක්ෂාවකින් තොරව බහාලුම් තොගයන් නිදහස් කිරීම...