වැඩ ලක්ෂයේ ප්‍රතිලාභ ආණ්ඩුවේ හෙංචයියන්ට විතරයි – විපක්ෂ නායක

Date:

ආණ්ඩුව පටන් ගෙන ඇති අලුත්ම සෙල්ලම වන වැඩ ලක්ෂයේ සෙල්ලම හරහා ගම් නියම්ගම් ගොඩනගන බවට ආණ්ඩුව පුරසාරම් දොඩන නමුත් ඇත්ත වශයෙන්ම මෙය ආණ්ඩුවේ හෙන්චයියන්ට සහ ගෝලබාලයින්ට, තමන්ගේ ගජමිතුරන්ට කොමිස් කුට්ටි ලබාදීම සඳහා ආරම්භ කළ ව්‍යාපෘතියක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

අයවැයෙන් මුදල් වෙන් කොට නැති වැඩ ලක්ෂයට මුදල් සොයා ගන්නට උත්සාහ කරන්නේ මේ රටේ ජනතාවගේ අර්ථසාධකය මංකොල්ල කමින් බවත් ඒ මහතා පැවසීය.

විපක්ෂ නායකයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (12) පස්වරුවේ හිරියාල නගරයේ පැවති ජන හමුවකට එක්වෙමිනි.

රටේ තිබෙන ලොකුම අරමුදල වන සේවක අර්ථසාධක අරමුදල මහ දවල් මංකොල්ල කා ආණ්ඩුව ඔවුන්ගේ දේශපාලන ගෝල බාලයන්ට කොමිස් ගැසීමට අවස්ථාවක් ආණ්ඩුව ලබා දී ඇතැයි ද විපක්ෂ නායකයා සඳහන් කරනවා.

ගොවියා කබලෙන් ලිපට ඇද දමන තීන්දුවක් ගෙන ඉන් අනතුරුව ආණ්ඩුව ගොවීන් ගැන කියන කතා හාස්‍යජනක බව පැවසූ විපක්ෂ නායකයා, පොහොර දුන්නත් නැතත් ගොවීන්ගේ ජීවිත 100% කින් ඉහළ නංවන බව පවසන්නේ කුමන පදනමකින්දැයි ආණ්ඩුවෙන් විමසිය යුතු බව අවධාරණය කරයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුද්ධමය තත්ත්වය හමුවේ ආනයනය කරන ඉන්ධනවල මිල ගණන්වලට කුමක් වේවිද?

රෂිකා හෙන්නායක ජූනි 22, කොළඹ LNW : ඊශ්‍රායල සහ ඉරාන...

තායිලන්තයේ දවසේ අස්වැන්න රන් දෙකයි රිදී එකයි – මධුෂානිගෙන් හොඳම දක්ෂතාවය

නිශ්මං රණසිංහ ජුනි 22, කොළඹ LNW: තායිලන්ත තාමාසාට් සරසවි ක්‍රීඩාංගණය...

ඇමෙරිකාවෙන් ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන වලට ප්‍රහාර.!

අශෝක ජයතුංග ජූනි 22 වොෂින්ටන් LNW : 🍎ඇමෙරිකාව ඇතුලෙන්ම ඊට විරෝධය...

ජනතාවගේ ජනවරම අවජාතක කළා නම් සුජාත පුත්තු උපදිනවා කියලා හිතන්න එපා – ඇමති TB

ජාතික ජන බලවේගය ප්‍රාදේශීය සභාවල බලය පිහිටුවා ඇත්තේ පොහොට්ටුව,...