නව බදු අයවන්නේ මෙහෙමයි

Date:

නව චක්‍රෙල්ඛයක් නිකුත් කරමින් දැනුම් දෙන්නේ, උපයන විට බදු අයකිරීමේදී සේවා යෝජකයින් විසින් සපයන ලද මූල්‍ය නොවන සේවාවන් සඳහා බදු අය කිරීමේ ක්‍රමවේදය සංශෝධනය වන ආකාරයි. ඒ අනුව වෙනසක් සිදුවනු ලබන්නේ නිවාස දීමනා, නිල නිවාස, ප්‍රවාහන පහසුකම්, සන්නිවේදන පහසුකම්, දුරකථන දීමනා ඇතුළු තවත් කාණ්ඩ කිහිපයක් සඳහා බදු අය කෙරෙන ක්‍රමවේදයයි.

පුද්ගල ආදායම් බදු ගෙවිය යුතු සීමා රජය සංශෝධනය කිරීමත් සමග මාසික ආදායම රුපියල් ලක්ෂයකට වැඩි සෑම පුද්ගලයකුම ආදායම් බදු ගෙවීමේ සීමාවට ඇතුළත්ය. බදු අයකිරීමට මූල්‍ය නොවන ප්‍රතිලාභ අගයන්ද එකතු කිරීම සම්බන්ධයෙන් වෘත්තියවේදීන් රැසක් විරෝධය පළකළේය.

ඒ අනුව සේවා නියුක්ති ආදායම ගණනය කිරීමේ දී මූල්‍ය නොවන ප්‍රතිලාභ අගයයන් ප්‍රමාණනය කිරීම සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. එනම් මූල්‍යමය නොවන ප්‍රතිලාභ ගණයට සේවායෝජකයෙකු විසින් සපයන ලද ප්‍රවාහන පහසුකම්, සන්නිවේදන පහසුකම්, සේවායෝජකයා විසින් සපයා ඇති අනෙකුත් මූල්‍ය-නොවන ප්‍රතිලාභ වෙනුවෙන් බදු සහන සඳහා අය කෙරෙන මූල්‍ය ප්‍රතිලාභයන් සංශෝධනය කර ඇත.

නව සංශෝධන අනුව නිවාස ප්‍රතිලාභ හිමි සේවකයෙකු සඳහා වරිපනම් බදු ගෙවන ප්‍රදේශයේ නිවාසයක් භාවිතයට ගන්නේ නම් ඒ නිවාසය වෙනුවෙන් බදු සදහා අදාළ වන්නේ සේවකයාගේ වැටුපෙන් 12.5%ක ප්‍රතිශතයකි.

වරිපනම් බදු නොගෙවන ප්‍රදේශයක නිවාසයක් හිමිවේ නම් වැටුපෙන් සියයට 10ක ප්‍රතිශතයක් සහ වතු බංගලා පහසුකම් භුක්ති විදින්නේ නම් සියයට 7.5ක ප්‍රතිශතයක් මේ සදහා අදාළ වනු ඇත.

සේවායෝජකයා විසින් මෝටර් රථයක් සැපයීමේදී මෝටර් රථය සඳහා රුපියල් 50,000 ක මුදලක් ආදායම් බදු සදහා අදාළ වනු ඇති.

ඉන්ධන දීමනාව වෙනුවෙන් ලබාදෙන මුදලින් 100%ක් මීට පෙර ආදායම් බදු සඳහා සලකා බැලු අතර නව සංශෝධනය සඳහා සලකා බලනු ලබන්නේ එම දීමනාවෙන් 25%ක ප්‍රතිශතයකි.

සේවකයෙකු සඳහා ලබාදෙන දුරකථන දීමනාවෙන් සියයට 50ක ප්‍රතිශතයක් පමණක් නව ආදායම් බදු සදහා අදාළ වම අතර මේ අතර සේවායෝජකයා විසින් සපයනු ලබන සහනදායි අනුප්‍රමාණ මත ණය සැපයීමේදී එය බදු අයවීමෙන් නිදහස් කර ඇත.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පරාද වී පටන්ගත් කොළඹ උතුර අවසානයේ යූත් කුසලානය දිනා අවසන් කරයි

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: මුහුණ දුන් පළමු තරග...

ශ්‍රී ලංකාවට අදත් අමාරු තරගයක්

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ආසියානු යොවුන් දැල් පන්දු...

මනූෂගේ මගම යමින් අවබෝධතා ගිවිසුමකින් E-8 වීසා යළි කරළියට

දකුණු කොරියාවේ සෘතුමය රැකියා E-8 වීසා යටතේ නැවතත් සක්‍රිය...

ලොකුගේ නික්ම යයි

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ සිටිය ක්‍රීඩා...