*
Saturday, November 23, 2024
spot_img

Latest Posts

බින්තැන්නේ හදවත උක් වැවීම සදහා සිංගප්පූරු සමාගමකට!

ඌව වෙල්ලස්ස බින්තැන්නේ දෙහිගම ප්‍රදේශයේ අක්කර 572ක ගොවි බිම් හා ජනතාවගේ පාරම්පරික ඉඩම් උක් වගා ව්‍යාපෘතියක් හා සීනි නිෂ්පාදනය සදහා ලබාදීමට මේ වන විට රජය කටයුතු කරමින් ඇත.

IMS හොල්ඩින් සහ සිංගප්පූරුවේ ගැසල්ස් වෙන්චර් සමාගම ආයෝජකයන් වශයෙන් මෙම බිබිල සීනි ව්‍යාපෘතිය සදහා ඉදිරිපත්ව සිටී.

2013 වසරේ අසම්පූර්ණ පරිසර තක්සේරු වාර්තාවක් සිදුකරමින් බිබිල සීනි සමාගම ඉහත උක්වගා ව්‍යාපෘතියට හා සීනි නිෂ්පාදන කර්මාන්ත ශාලාව ඉදිකිරීම සදහා අක්කර 300ක් ලබාදෙන ලෙස මධ්‍යම පරිසර අධිකාරියෙන් අවසර ඉල්ලා තිබුණි.

2017 වර්ෂයේ ජුනි 29 දින බිබිල සීනි සමාගම වෙත මධ්‍යම පරිසර අධිකාරිය දැනුවත් කර ඇති අන්දමට වසර තුනක් ඇතුළත මෙහි ඉදිකිරීමට අවසර දී ඇති බවත් ඉන්පසුව මෙම අවසරය වලංගු නොවන බවත් පරිසර අධිකාරිය යැවූ අවසර ලිපියේ සදහන් කර ඇත.

ඒ අනුව මෙම අවසරය වලංගු වන්නේ 2013 වසරේ පරිසර තක්සේරු වාර්තාව කළ වසරේ සිට නම් එම අවසරය 2016 වසරේ අවසන් වේ.

ඉහත අවසරය වලංගු වන්නේ මෙම ලිපිය නිකුත් කල දා සිටනම් එම අවසරය 2020 වසරේදී අවසන් වේ.

යල් පැන ගිය අවසර ලිපියක් භාවිතා කරමින් දේශපාලන සහයෝගය ඇතිව බිබිල සීනි සමාගම 2023 වසරේ මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට උත්සහ දරමින් සිටී.

මෙය මධ්‍යම පරිසර අධිකාරියේ නීති රෙගුලාසිවලට පටහැනි අතර මේ මගින් ජාතික පාරිසරික පනත උල්ලංඝනය වෙයි.

රිදීමාලියද්ද බින්තැන්නේ දෙහිගම ගම්වාසින්ගේ පාරම්පරික ඉඩම් මෙලෙස නිසි පරිසර තක්සේරු වාර්තාවක්වත් නොමැතිව බහු ජාතික සමාගම් වෙත ලබා දීමට මේ රජය දේශපාලනිකව බිබිල සීනි සමාගමට උපකාර කරමින් ඇත.

මාදුරු ඔය ගංගා නිම්නයේ ඉතා සාරවත් ඉඩම් ලෙස පැවති මෙම පාරම්පරික ඉඩම් ගොවි ජනතාවගෙන් උදුරගෙන උක් වගාව සදහා ලබාදෙන්නේ 2011 වසරේ සිට 2050 දක්වා රජය දියත් කරමින් සිටින ජාතික භෞතික සැළසුම අනුවයි.

ඒ සැළසුම් කර ඇති ආකාරයට වී සහ දේශිය වගාවන් කිරීම වෙනුවට සමාගම්වලට වැඩි ලාභයක් ලබාගත හැකි ඒක භෝග වගාවට ඉඩම් ලබාදීම රජයේ ප්‍රමුඛ කාර්යයකි. ඒ අනුව පුරාණ ඌව වෙල්ලස්සේ , බින්තැන්න ප්‍රදේශයට අයිති රිදීමාලියද්ද දෙහිගම පිහිටි මෙම ඉඩම් සිංගප්පූරු ගැසල්ස් වෙන්චර් සමාගම වෙත අනවසරයේ ලබාදීම මේ වන විට සිදු කරමින් ඇත.

ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම්
පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan