අරුන්දික ප්‍රනාන්දු අගමැති මහින්ද හමුවී හඬා වැළපිලා. ඒත් ප්‍රතිඵලයක් නෑ …

Date:

රාගම වෛද්‍ය පීඨයේ සිසුන් පිරිසකට මැර ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියට අදාළව රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පෙරේදා (03) දිනයේදී සිය තනතුරෙන් ඉල්ලා අස්විය.

ඔහු එම තනතුරෙන් ඉල්ලා අස්වී ඇත්තේ ජනාධිපතිවරයා විසින් කරන ලද නියෝගයකට අනුව බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

කෙසේවෙතත් අරුන්දික ප්‍රනාන්දු මහතාට ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිවරයා දැනුම් දී ඇත්තේ හුදෙක් රාගම වෛද්‍ය පීඨයේ සිදුවීමට අදාළව පමණක් නොව, අත් අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබුණු කුප්‍රකට එතනෝල් ජාවාරම්කරුවෙකු විදෙස් රටක සිට මෙරටට කැඳවාගෙන පැමිණ ඇප මත නිදහස් වීම සඳහා ඔහුට පහසුකම් සැපයීමේ සිදුවීමටත් අදාළව බවත් වාර්තා විය.

ජනාධිපතිවරයාගේ නියෝගය ලැබුණු පසුව අරුන්දික ප්‍රනාන්දු මහතා වහාම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට ගොස් තිබේ. එහිදී ඔහු හඬා වැළපෙමින් අගමැතිවරයාට සිය දුක කියමින් තමන්ව බේරාදෙන ලෙස ආයාචනා කර ඇති බවත් ආරංචිමාර්ග ප්‍රකාශ කළේය.

එහෙත් අගමැතිවරයා ද මෙම ප්‍රශ්නයට මැදිහත්වීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් අරුන්දිකට අවසානයේ සිදුවූයේ ඉල්ලා අස්වීමට ය.

සබැඳි පුවත් –

එතනෝල් ජයලත්ව හොර රහසේ ලංකාවට කැන්දන් ආ මධුර සහ අරුන්දික ගැන පරීක්ෂණයක් ?

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රන් -රිදි – ලෝකඩවලට පසු අසුන නිපුනිට

නිශ්මං රණසිංහ ජුනි 19, කොළඹ LNW: වියට්නාමයේ පැවත්වෙන ආසියානු කණිෂ්ඨ...

පැතුම් නැංගුරම් දමයි – ශ්‍රී ලංකාව හොඳ තැනකට සේන්දු වෙයි

නිශ්මං රණසිංහ ජුනි 19, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

කෙහෙළියගේ දියණියන් දෙදෙනාට හා බෑණාට ඇප. එක් දියණියක් බන්ධනාගාරයට රැගෙන යයි !

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදුකරන විමර්ශනයකට අදාළව අත්අඩංගුවට...