මූල්‍ය සහනයක් වෙනුවෙන් ශ්‍රී ලංකා රජය තවමත් ඉල්ලීමක් කර නැහැ – IMF

Date:

මූල්‍ය සහායක් ලබාගැනීම පිළිබඳව ශ්‍රී ලංකා රජයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත මෙතෙක් ඉල්ලීමක් ඉදිරිපත් වී නොමැති බව එහි මෙරට මෙහෙයුම් ප්‍රධානී මසහිරෝ නොසාකි මහතා පවසා තිබේ.

එවැනි ඉල්ලීමක් ඉදිරිපත් වුවහොත් ඒ පිළිබඳ සාකච්ඡා කර අවශ්‍ය සහය ලබාදීමට මූල්‍ය අරමුදල සූ දානමින් සිටින බවද විදෙස් පුවත් ආයතනයක් වෙත ප්‍රකාශයක් සිදුකරමින් ඔහු පෙන්වාදී තිබේ.

ශ්‍රී ලංකාවේ ආර්ථික හා ප්‍රතිපත්තිමය වර්ධනයන් පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමීපව නිරීක්ෂණය කරමින් සිටින අතර ඒ පිළිබඳ ද්වීපාර්ශවික සාකච්ඡා සඳහා පසුගිය දෙසැම්බර් මාසයේ දී සිය නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ.

ශ්‍රී ලංකාවේ නවතම ආර්ථික දත්ත සමාලෝචනය කිරීමේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමක් මේ මස අවසානයේ දී පැවැත්වෙන බව ද මසහිරෝ නොසාකි පවසා ඇත.

කෙසේවෙතත් පවතින ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශේෂඥ සහය ලබාගැනීමට ලිඛිත ඉල්ලීමක් සිදුකර ඇති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පසුගියදා පැවති මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කරනලදී.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ට්විටර් පණිවිඩයක් තබමින් පවසා තිබුණේ ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් ලබා ගැනීම පිළිබඳව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා (02) දින සිදුකළ ප්‍රකාශයෙන් අදහස් කෙරෙනුයේ මුදල් අමාත්‍යංශයේ සාර්ව-මූල්‍ය ඒකකයේ ධාරිතා සංවර්ධනය සඳහා අවශ්‍ය තාක්ෂණික උපදෙස් ලබා ගැනීම පමණක් බවයි.

මුදල් අමාත්‍යංශයේ නව සාර්ව මූල්‍ය ඒකකය (Macro Fiscal Unit) සඳහා සාර්ව මූල්‍ය ධාරිතා ගොඩනැඟීම පිළිබඳ තාක්ෂණික සහාය වැඩසටහනක් පැවැත්වීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය අපේක්ෂා කරන බවත්, මෙය අමාත්‍යංශය තුළ සිදුවන චර්යානුගත ක්‍රියාවලියක් මිස වෙන කිසිවක් නොවන බවත් මහ බැංකු අධිපතිවරයා අවධාරණය කර තිබුණි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...