ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ජපාන නියෝජ්‍ය මුදල් අමාත්‍ය මසාටෝ කනිඩා මහතා පවසන්නේ ණය අර්බුදයට මුහුණදෙන රටවලට සහායවීමේදී ශ්‍රී ලංකාවට ප්රමුඛත්වයක් ලබාදෙන බවත් වසර 70ක දරුණම ආර්ථික අර්බුදයට ලක්ව සිටින ශ්‍රී ලංකාවට උපකාර කිරීමට ජපානය ක්‍රියාකරමින් සිටින බවත් ය.
මැදි ආදායම්ලාභී රටවල ණය අර්බුදයට ජාත්‍යන්තර විසඳුමක් හිමිවිය යුතු බව ඒ මහතා රොයිටර් පුවත් සේවයට පවසා ඇත.
ඒ සඳහා පැරිස් සමාජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ආදී ජාත්‍යන්තර සංවිධාන සමඟ ජපානය සමීප සම්බන්ධීකරණයක් පවත්වාගෙන යන බව ද ඔහු පවසයි.
රෂිකා හෙන්නායක