ජනාධිපති විශේෂ පක්ෂ නායක හමුවක් කැඳවයි!

Date:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නායකයින්ගේ සහභාගීත්වයෙන් සර්ව පාක්ෂික හමුවක් අද (26) පැවැත්වීමට නියමිතයි.

පස්වරු 04.00 ට එම හමුව පැවැත්වෙන බව සඳහන්.

මේ සඳහා සහභාගී වන ලෙස කථානායකවරයාට, අග්‍රාමාත්‍යවරයාට, විපක්ෂ නායකවරයාට මෙන්ම මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන්ට, දෙමළ ජාතික සන්ධාන නායක ආර්. සම්බන්ධන්, ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහත්වරුන් ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ නායකයින්ට ආරාධනා කර ඇත.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව පසුගිය වසරේ දෙසැම්බර් මස 13 වන දින කැඳවන ලද පක්ෂ නායක හමුවේදී සාකච්ඡා වූ සංහිඳියාව වැඩිදියුණු කිරීමේ වැඩපිළිවෙල පිළිබඳව මෙම හමුවේදී වැඩිදුරටත් සාකච්ඡා කිරීමට නියමිත බවත් ඒ සම්බන්ධයෙන් පක්ෂ නායකයින්ගේ එකඟතාවක් ඇති කර ගැනීමට ද නියමිත බවත් වාර්තා වෙයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිනි ගෙදර යවන්න විමල් සත්‍යග්‍රහයක් අරඹයි

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා මේ වනවිට...

Wang Yi දිවයිනට!

රෂිකා හෙන්නායක ජනවාරි 12, කොළඹ LNW : අද (12) අලුයම...

වනිඳු වාර්තා තබමින් ශ්‍රී ලංකාව පරාජයෙන් මුදවා ගනියි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: ජාත්‍යන්තර විස්සයි විස්ස තරග...

කොලොම්බියාවේ නිදහසත් අවසන් වෙන ලකුණු?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොලොම්බියාව, එක්සත් ජනපද හමුදා ක්‍රියාමාර්ගයේ ‘සැබෑ තර්ජනයක්’...