IMF එකඟතා අනුව බදු අඩු කරන්න බෑ – මහබැංකු අධිපති ජනපතිට දැනුම් දෙයි

Date:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (23) දිනයේදී මුදල් අමාත්‍යංශයේ ඉහල නිලධාරීන් පිරිසක් සහ මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා සමග වත්මන් බදු ප්‍රතිශත සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වේ.

එහිදී, යෝජිත බදු ප්‍රතිපත්තිය නිසා ජනතාව ඉතාමත් අසීරු තත්වයකට මුහුණ පා ඇති බැවින් එය නැවත සමාලෝචනය කරන ලෙස ජනාධිපතිවරයා එම නිලධාරීන්ට ප්‍රකාශ කර ඇති බව සඳහන්.

එහෙත්, වත්මන් බදු ප්‍රතිපත්තිය මේ ලෙසින්ම ක්‍රියාත්මක කිරීම සඳහා තමන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත පොරොන්දු වී ඇති බැවින්, මෙම බදු ප්‍රතිපත්තිය ආපසු හැරවිම කිසිසේත් සිදු කල නොහැකි යැයි එම අවස්ථාවේදී මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා විසින් ජනාධිපති වරයාට පවසා ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...