ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ මෙරටදීම නිෂ්පාදනයට පියවර

Date:

ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ මෙරටදීම නිෂ්පාදනය කොට ආනයන සඳහා යන මුදල් අවම කොට නිෂ්පාදන ආර්ථිකයකට යන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය යථාර්ථයක් කරමින්, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් සිදුකරනු ලබන නව ඖෂධ නිෂ්පාදනාගාරය සඳහා නාගරික සංවර්ධන අධිකාරිය සතු හොරණ, මිල්ලෑව වත්ත ඉඩම ලබාදීම සඳහා ගිවිසුම් අත්සන් කිරීම ඊයේ (11) දින නාගරික සංවර්ධන අමාත්‍ය නාලක ගොඩහේවා හා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් නාගරික සංවර්ධන අධිකාරි ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා.

මෙම ඖෂධ නිෂ්පාදන ව්‍යාපෘතිය නාගරික සංවර්ධන අධිකාරියට අයත් හොරණ මිල්ලෑව වත්තේ, අක්කර 64 ක භූමි ප්‍රමාණයක රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් දීර්ඝ කාලීන බදු පදනම යටතේ ඉදිකෙරේ.මෙහි පිළිකා ඖෂධ සහ විකලාංග ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලා 02ක නිෂ්පාදන ක්‍රියාවලිය පළමුව ආරම්භ කිරීමට සැළසුම් කොට තිබේ. 2022 ජූනි මාසයේ දී මෙම ඖෂධ නිෂ්පාදන ඉදිකිරීමේ කර්මාන්තශාලාවේ කටයුතු ආරම්භ කෙරෙත අතර 2023 වසර තුළ ඉදිකිරීම් අවසන් කර 2024 වසරේ සිට ඖෂධ නිෂ්පාදනය ආරම්භ කිරීමට අපේක්ෂා කෙරේ.

වැඩිමිලට පිටරටින් ගෙන්වන ඖෂධ වෙනුවට අප රට තුලදීම ඖෂධ නිෂ්පාදනය කර ඒ සඳහා වැයවන අසීමාන්තික විදේශ විනිමය ඉතිරිකර ගනිමින් ගුණාත්මක ඖෂධ විශ්වාසයෙන් යුතුව මෙරට ජනතාවට ලබාදීමේ සුපැහැදිලි අරමුුණින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ. කල් පැන ගිය ඖෂධ මෙරටට ආනයනය කරන ඖෂධ මාෆියාවද මින් පාලනය වනු ඇති.ඉදිරි වසර තුන රට ගොඩ නගන වසර තුනයි. වසංගතය රට ගිලගත් පසුගිය වසර දෙක වසංගත්කාරයින්ටම පවරා දෙමු.

SL today FACEBOOK

SPONSORED ARTICLE

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නි.ඇමති අරුණ ජයසේකරට එරෙහි විශ්වාසභංගයට නීත්‍යානුකූලභාවයක් නෑ?

කොළඹ LNW:පවතින නීතිමය පසුබිම මත නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට එරෙහිව විශ්වාසභංග...

පකිස්ථානයේ ගංවතුර හේතුවෙන් මියගිය සංඛ්‍යාව 320 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු පකිස්ථානය පුරා...

ආණ්ඩුවේ බොරු එළියට ගන්න මන්ත්‍රීවරු 300කට පවරලා!

කොළඹ LNW: ආණ්ඩුවේ බොරු එළියට ගෙන සමාජගත කිරීම සඳහා...

මලල ක්‍රීඩා නිලවරණය කල්දැමීම ගැන සහ සමස්ත ක්‍රීඩාවේ ගමන ගැන…

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: මලල ක්‍රීඩා සංගමය වෙනස් කිරීමේ...